Friday, April 29, 2016

විදුලි බිලට විසදුමක් - දැයට ශක්තියක්

විදුලි බිලට විසදුමක් - දැයට ශක්තියක්
දිනෙන් දින ඉහල යන විදුලිබිලට හා විදුලි අර්බුදයට පිළියමක් ලෙස Net metering ක්රඇමය භාවිතා කර හැක.
මෙමගින් දහවල් කාලයේදි සූර්ය ශක්තිය මගින් නිපදවනු ලබන විදුලි ශක්තිය අපගේ පරිබෝජනයට ගෙන එහි අතිරික්තය ජාතික පද්ධතියට ලබා දෙයි.අනතුරුව රාත්රීි කාලයේ නැවත අප ජාතික පද්ධතියෙන් විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල පාලනය කර හැක.මේ සදහ අවශ්ය Net metering පද්ධතිය අප විසින් ස්ථාපනය කරනු ලබයි.
මෙතුලින් ඔබට ලැබෙන සුවිශේෂි වාසි
• ඔබගේ විදුලි බිල 100% ක් මෙමගින් ඉතිරිවන අතර මෙම සදහා ගෙවන මුදල වසර 5 ක් ඇතුලත ඉතිරි කරගත හැක.ඉන්පසු ඔබ Net metering නොමිලයේ ලබාගත්තා හා සමානය.
• ඉදිරියේ විදුලි බිල වැඩි වුවද ඔබට එයින් කිසිදු බලපෑමක් නොමැත.
• ඔබගේ අවශ්යදතා මත අනාගතයේදි ධාරිතාවය වැඩිකරගැනීමේ හැකියාව ඇත.
• අවම නඩත්තුව.
• නිවසේ විදුලි පරිපථවලට පහසුවෙන් සම්බන්ධ කිරීමට ඇති හැකියාව.
• මෙහි ස්ථාපනය කරන අධි ආරක්ෂිත උපකරණ මගින් නිවසේ විදුලිමය ආරෂාව තවදුරටත් සහතික වීම.


අපගේ සුවිශේෂි සේවාවන්
• වසර 25ක වගකීම.
• ලොව උසස්ම තත්වයේ උපකරණ භාවිතය.
• අන්තර්ජාලය හරහා නිතරම ඔබගේ සුර්ය පද්ධතිය නිරික්ෂණය කිරීම
• පළපුරුදු කාර්මික සේවය
• ලංකා විදුලි බලමණ්ඩලයේ හා වරලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය



Friday, April 22, 2016

සූර්ය බලයෙන් විදුලිය කියන්නෙ මොකක්ද ?

සූර්ය බලයෙන් විදුලිය කියන්නෙ මොකක්ද ? 

විදුලිය ලබා ගැනීමට අනාදිමත් කාලයක සිට උත්සහ දරන ලද අතර ජලවිදුලිය ලබා  ගැනීම,දැව දහනයෙන් විදුලි ලබා ගැනීමපොසිල ඉන්ධන මගින් විදුලිය ලබා ගැනීම හා සූර්යලෝකය මගින් විදුලිය ලබා ගැනීම වැනි  ක්‍රමවේදයන් හැදින්විය හැක.නමුත් අද වනවිට විදුලිය ලබා ගැනීමේ කාර්යක්ෂම හා ලාබදායි ප්‍රභවය ලෙස " සූර්ය බලයෙන් " විදුලිය ලබා ගැනීම ප්‍රචලිත වී ඇත.

මෙයට හේතු ගණනාවක් ඉවහල්ව ඇත.
1. විදුලිය නිපදවීමේ අතුරු   ඵල ලෙස පරිසරයට කිසිදු අපද්‍රව්‍යයක් නිකුත් නොවීම නිසා ඉතා පරිසර හිතකාමි ක්‍රියාවලියක් වීම.
2. ශ්‍රි ලංකාව සමකයට ආසන්නව පිහිටීම නිසා ඉතා හොද සුර්ය පතනයක් ලැබීමෙන් ප්‍රශස්ථ මට්ටමේ විදුලි ලබා ගැනීමට හැකිවීම.
3. අවම  අවශ්‍යතාවය නිසා පද්ධතිය පවත්වා ගෙන යාමට මුදල් වැය නොවීම.
4. ඉන්ධන වශයෙන් කිසිදු අමුද්‍රව්‍යක් භාවිතා නොවීම නිසා ලාභදායි ක්‍රමයක් වීම.

සූර්ය විදුලි භාවිතය 
සූර්යාලෝකයෙන් ලබා ගන්නා විදුලිය භාවිතා කරන ප්‍රධාන ක්‍රම 2ක් පවති.

 1.  කෝෂ තුළ ගබඩා කර භාවිතයට ගැනීම

මෙහිදි දහවල් කාලයේ දි සූර්යාලෝකය මගින් නිපදවන විදුලිය විදුලි කෝෂ තුල (ම්ම්ම්ම්ම්ම්) සරල ධාරා (DC current) විදුලිය ලෙස ගබඩා කර තබා නැවත අවශ්‍ය වු විට ප්‍රත්‍යාවර්ත ධාරා (AC Current) විදුලිය ලෙස පරිවර්ථනය කර භාවිතයට ගැනීම සිදුවේ.
මෙහි ඇති ප්‍රධාන අවාසිය වන්නේ විදුලිය ගබඩා කර ගැනීම සදහා විදුලි කෝෂ අවශ්‍යවීම හා විද්‍යුත් ධාරිතාවය වැඩි වන විට  වැඩි විදුලි කෝෂ (Battery ) ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදුවේ.මේ සදහා වැයවන පිරිවැය වැඩිවීම නිසා මෙය භාවිතය අවම තත්වයකට පත්ව තිබේ.

2. විදුලි හුවමාරු ක්‍රමය  (Net metering system)

මෙහිදි දිවා කාලයේ සූර්යාලෝකය මගින් නිපදවන සරල ධාරා (....) විදුලිය ප්‍රත්‍යාවර්ත ධාරා (.......) විදුලිය බවට පරිවර්ථනය කර කෙලින්ම භාවිතයට ගැනෙයි.හම් ලෙසකින් අතිරික්ත විදුලියක් නිපදවුයේ නම් එම විදුලිය ජාතික විදුලි පද්ධතිය වෙත ලබා දීමට හැකියාව පවති.

මේ නිසා විදුලි කෝෂ සදහා දැරීමට සිදු වූ පිරිවැය මුළුමනින්ම අඩු කර ගැනීමට අවස්ථාව උදාවේ.තවද විදුලි කෝෂ නඩත්තු කිරීමක්ද සිදු නොවේ.මේ සදහා විදුලි අධිකාරිය මගින් අනුමැතිය හිමි වී ඇත.මෙම ක්‍රමය සදහා විශේෂ විදුලි මීටරයන් භාවිතා කරන අතර එමගින් අප විසින් පද්ධතිය සදහා ලබා දී ඇති ඒකක ගණන මෙන්ම පද්ධතියෙන් අප ලබාගෙන ඇති ඒකක ගණනද  මැන ගැනීමේ අවකාශ හිමි වේ. මෙහිදි ගෙවීම් කරනු ලබන්නේ මෙම ඒකක දෙකෙහි වෙනස සදහා පමණි. යම් ලෙසකින් අප භාවිතා කල ඒකක ගණන වැඩිනම් එම ඒකක ගණනට පමණක් විදුලි බිල් සැකසේ.තවද අප විදුලි පද්ධතිය වෙත වැඩි විදුලි ප්‍රමාණයක් ලබා දී ඇත්නම් විදුලි අධිකාරිය මගින් එම ඒකක ගණන අපගේ ඉතිරියක් ලෙස තබා ඒකක ගණන වැඩිවන අවස්ථා වලදි එම අතිරික්තය හරහා විදුලි බිල පාලනය වෙහි. මෙම ක්‍රමය රූප සටහනක් මගින් නිරික්ෂණය කරමින් වැඩිදුරටත් අධ්‍යනය කරමු.